රතට රතු මිනී මල් නෙත් හැරපු
ගොම්මනේ
මගුල් බෙර පසෙකලා මල බෙරය
වැයුනේ
සුවඳ වී පොරි ඉසින මූසලම
පැයකිනේ
කිමද නුඹ තාත්තේ යන්නටම
සැරසුනේ
තුටු සිඳුනු ලිහිනියන් පියාසැරි
ගුවනේ
වලා ගැබ ලතැවුලින් නෙත් කඳුළු
සැලවුනේ
මල හිරුගෙ සුසුමින්ම ලොව මිලින වී
ගියේ
සරදමින් ලත් දිවිය දෙපලු වී
තනිවුනේ

නුහුලනා හැඟුම් පොදි එක මිටක
තබමිනේ
වැගිරෙනා හැඬුම් අද වාවන්න නොහැකි
වේ
කළු වලා සැරයකින් ලොවම ගිනිගත්
දිනේ
කෙලෙස නුඹ යන්නේද නෙතු පියන්
මෙලෙසිනේ
මතක ගිනිදැල් නැගේ සෑයටත්
ඉහලිනේ
සුසුම් වැල් ඇවිලිලා රිදුම් දෙඉ හද
මගේ
මග දෙපස සුදු වතින් සැරසුනේ කිම
අනේ
වාවන්නේ කෙසේදැයි කියාදී යනු
මැනේ

හාදු උණුසුම් වෙලුම් අද කෙසේ ගොළු
වුනේ
සීතලට ගල්ගැසී පරුව රුක
සැතපුනේ
දැවි දැවී ගිනි නැගෙන වාරු නැති සිත
මගේ
නුඹ සුවද අසලින්ම මිහිදන්ව යට
වුනේ
පාළු සොහොනක කොනේ නවතින්න
එන්නම්ද
සිනා මිටි කතා පොදි මුව දරන්
ඉන්නවද
ගැහෙන මුත් පණ අදින හදක දුක
අහනවද
තාත්තේ පෙර වගේ ළගින් මම
ඉන්නම්ද

තුරුල්ලට වී නුඹේ සුවට
නැලවෙන්නම්ද
ළගින් හිද දැවටෙමින් කතා
මුමුණන්නම්ද
වීරයයි මගේ ලොව කිරුළු හිස
ලන්නම්ද
මතු සසර පුරාවට නුඹ සමග
එන්නම්ද
“නිවන් සුව පතනු බෑ සදහටම
සමුදෙන්න
“මුළු සසර පුරාවට පියා මගෙ ඔබ
වෙන්න
No Comments